වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට අඟුලානේදී ප්‍රහාරයක්

වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට අඟුලානේදී ප්‍රහාරයක්

කර්තෘ Sagarika Chathumali

25 Dec, 2013 | 5:48 pm

නීති විරෝධී මත්පැන් වැටලිමකට ගිය වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ, සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.

පහරදීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු සුළු තුවාල ලබා තිබේ.

සිද්ධියෙන් පසු අඟුලාන ප්‍රදේශයේ ජංගම මුර සංචාර දැඩිකර ඇති බව පොලීසිය පැවසී ය.