මන්ත්‍රී බලයෙන් සැකකරුවෝ අත්අඩංගුවෙන් මිදෙති

මන්ත්‍රී බලයෙන් සැකකරුවෝ අත්අඩංගුවෙන් මිදෙති

කර්තෘ Sagarika Chathumali

25 Dec, 2013 | 4:47 pm

වන සංරක්ෂණ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් රැගෙන යනු ලැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකරුවන් 6 දෙනෙකු එලෙස රැගෙන ගොස් ඇති බව ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, ගොඩකවෙල, පල්ලේබැද්ද ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක නීති විරෝධීව ගල් කොරියක් පවත්වාගෙන ගිය පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව ද ඔහු පැවසී ය.