සංචාරක ඉලක්කය සපුරා ගත හැකි වෙයි ද?

සංචාරක ඉලක්කය සපුරා ගත හැකි වෙයි ද?

සංචාරක ඉලක්කය සපුරා ගත හැකි වෙයි ද?

කර්තෘ Sagarika Chathumali

25 Dec, 2013 | 10:25 pm

පෙර මාස හා සැසදීමේදී පසුගිය මාසයේදී මෙරට සංචාරක පැමිණීමේ වර්ධනයේ යම් අඩුවීමක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කර ඇති නවතම දත්ත අනුව පසුගිය මාසයේදී මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 112,213කි.

මේ වසෙරේ අ‍ගොස්තු සිට ඔක්තොම්බර් දක්වා කාලය  ගිය වසර හා සැසදීමේදී   සංචාරක පැමිණීම්වල 26% කට වැඩි වර්ධනයක් දැකිය හැකි විය.

එහෙත් නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණිම් වර්ධනය වී ඇත්තේ 2.8% කිනි.

මේ වසරේ මුල් මාස 11 තුළදී සංචාරකයින් 1,016,228ක් මෙරට පැමිණ ඇති අතර එය 15% ක වර්ධනයකි.

බලධාරීන් ඉලක්ක කොට තිබුණේ, සංචාරකයින් ලක්ෂ 12 ක් මේ වසරේදී මෙරට ගෙන්වා ගැනීමටයි.

පසුගිය වසරට වඩා 20% ක වර්ධනයක් වන එම  ඉලක්කය සපුරා ගැනීමට නම් මේ මාසය තුළදී සංචාරකයින් 183,772  ක් මෙරට පැමිණිය යුතු වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]