‘තණ්හා රති රඟා’ තව ත් ජාත්‍යන්තර සිනමා උළෙලකට

‘තණ්හා රති රඟා’ තව ත් ජාත්‍යන්තර සිනමා උළෙලකට

කර්තෘ Sagarika Chathumali

25 Dec, 2013 | 8:03 pm

සිනමාවේදී නිලේන්ද්‍ර දේශප්‍රියගේ තණ්හා රති රඟා චිත්‍රපටය තව ත් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමේ වරම් හිමිකර ගත්තේ ය.

තණ්හා රති රඟා නිලේන්ද්‍ර දේශප්‍රිය කුළුදුල් සිනමා  නිර්මාණය වේ.

තණ්හා රති රඟා 6 වන බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනයට වරම් ලැබුවේ එහි නෙට් පැක් සම්මානයට තරඟ වඳිමිනි.

හෙට සිට ලබන දෙවෙන දා දක්වා පැවැත්වෙන මෙම සිනමා උළෙලේ සමාරම්භයට ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා ශිල්පී කමල් හසන් සහභාගී වීමට නියමිතයි.

උළෙල සඳහා නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

තණ්හා රති රඟා මිට පෙර චිකාගෝ දකුණු අප්‍රිකානු අන්තර් ජාතික සිනමා උළෙලේ කේරළ අන්තර් ජාතික සිනමා උළෙල නියෝජනය කළ අතර ද ග්ලොබල් ෆිල්ම්
ඉන්ෂියේටිව්  හෙවත් ගෝලීය සිනමා වෑයම සංවිධානයේ සුවිශේෂී ඇගයීමට ද  ලක් විය.