අර්තාපල්වලට සහතික මිලක්

අර්තාපල්වලට සහතික මිලක්

කර්තෘ Chathuranga Rajapaksha

23 Dec, 2013 | 6:24 pm

දේශීය අර්තාපල් කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 80 ක සහතික මිලක් යටතේ ගොවීන්‍‍ගෙන් මිලදී ගැනීමට රජය පියවර ගෙන තිබේ.

අල, ළුණු, වියලි මිරිස් හා ධාන්‍ය වර්ග සහතික මිල යටතේ ගොවීන්ට අලෙවි කර ගැනීම තහවුරු කිරීම සඳහා වැඩපිළිවෙළක් ඇති කරන බවට 2014 අයවැයෙන් යෝජනා කෙරුණු යෝජනාවකට අනුව එම පියවර ගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලු  සොයා බැලීම සඳහා නිව්ස්ෆස්ට් සංවිධාන කළ මෙවර ගම්මැද්ද වැඩ සටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා අනාවරණ කළේ, අල ගොවීන් සඳහා ලබන වසරේදී සහතික මිල ක්‍රමයක් ඇති කරන බව ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා

[quote]අදත් උවමනා නම් අපිට අර්තාපල් ගෙන්න පුළුවන් ලංකාව ඇතුලේ රුපියල් 30 ට විකුණන්න ලංකාව ඇතුලේ ලාබෙකුත් තියාගෙන අර්තාපල් ගෙන්න පුළුවන්. නමුත් රජය ඒ පියවර ගන්නේ නැහැ ඒ වෙනුවට රජය යෝජනා කරනවා අපි සහතික මිලක‍‍ට ගන්න රුපියල් 80 ට සහතික මිලක‍ට ගන්න එතෙන්න අපි දැන් ඇවිල්ලා තියෙනවා.[/quote]

ආදාළ වැඩපිළිවෙළ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවීන් 3000 ක් පමණ  මේ වනවිට දැනුවත් කොට ඇති බව, දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේය.

ඔහු  වැඩි දුරට ත් ප්‍රකාශ කළේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගත වන ගොවීන්ගේ අර්තාපල් වෙළෙඳ අමාත්‍යාංශය හරහා මිලදී ගැනීමට මේ යටතේ සැලසුම් කර ඇති බව ය.

අර්තාපල් ඇතුළු අනෙකුත් වගාවල නිරත නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලු, බලධාරීන් හමුවේ ‍කළ අනාවරණ සහ ඊට ලැබුණු විසදුම් අද රාත්‍රී 10.45ට ගම්මැද්ද වැඩසටහන තුළින් විකාශය කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]