හමුදාව තවමත් රඳවා තබන්නේ උතුරේ ජනතාවගෙන් බෙදුම්වාදී අදහස් මතුවෙයි කියන බයෙන් – සී.වී.විග්නේෂ්වරන්

හමුදාව තවමත් රඳවා තබන්නේ උතුරේ ජනතාවගෙන් බෙදුම්වාදී අදහස් මතුවෙයි කියන බයෙන් – සී.වී.විග්නේෂ්වරන්

කර්තෘ Chathuranga Rajapaksha

22 Dec, 2013 | 6:39 am

සර්වෝදය ශ්‍රමදාන සංගමයයේ 57 වන මහ සභා රැස්වීම ඊයේ කොළඹදී පැවැත්විය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදි සර්වෝදය ඇගයීම් කමිටුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සහ ආචාර්ය පියසෝම මේදිස් මහතාට සමරු තිළිණ පිරිනැමුවේය.

එම කමිටුව ජනතා සත්කාරයන් පිළිබඳව ස්වාභිමානී සම්මානය පිරිනැමුවේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත සිල්වා මහතාට ය

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා

[quote]අපේ දේශපාලනඥයන් ඔවුන්ට ඊළගට මුහුණදීමට තිබෙන මැතිවරණ හා ඒවා ජග්‍රහණය කිරීම ගැන කල්පනා කරන්නේ නැතුව සමාජයට සිද්ධ විය යුතු යුතුකම් ඉෂ්ට කළොත් රටේ තියෙන ඕනෑම ගැටලුවක් විසඳගන්න පුළුවන්. මේ වාර්ගික ගැටලුවත් එලෙස ලෙහෙසියෙන් විසඳාගත හැකියි.[/quote]

[quote]යුද්ධය අවසන් වෙලා වසර 5ක් ගතවෙලත් උතුරේ හමුදාව රඳවා තබන්නේ උතුරේ ජනතාවගෙන් බෙදුම්වාදී අදහස් මතුවෙයි කියන බයෙන්. නමුත් ඔවුන් තේරුම්ගත යුතුයි එම හමුදාවේ රඳවා තබා ගැනීමම බෙදුම්වාදී අදහස් ඇතිවීමට සහය වන්නක් බව. යුද හමුදාවේ කාර්යභාරය අවසන් නම් ඔවුන් එම ප්‍රදේශවලින් ඉවත් විය යුතුයි. ජනතාවට ඔවුන්ගේ ජීවිතය සකස් කරගැනීමට ඉඩකඩ ලබාදිය යුතුයි[/quote]

[quote]කවුද විශ්වාස කරන්නේ යුද්ධයේ අවසන් අදියරේදී ඝාතන සහ පහරදී බරපතල ලෙස තුවාල සිදුකිරීම් පිළිබඳව ජාත්‍යවන්තරයේදී චෝදනා ලැබූ හමුදාවක් දැන් රඳවා තිබෙන්නේ මානූෂීය සේවා සැලසීමට කියලා. කවුද විශ්වාස කරන්නේ. අපිට කිසිම සැකයක් නැහැ යුද හමුදාව රඳවා තිබෙන්නේ ඔවුන්ගේ වෙනත් න්‍යාය පත්‍රයක් කරන්නේ.[/quote]

AT Ariyaratna newsfirst

සර්වෝද ව්‍යාපාරයේ සභාපති ඒ.ටී.ආරියරත්න මහතා

[quote]ඊයේ පෙරේදා පත්තරේක තියෙනවා සිංහල පත්තරේක මෙතුමා ජාතික කොඩිය ඔසවන එක ප්‍රතික්ෂේප කළා කියලා. ටොම් පචයක්. දැන් දැක්කා නේද ජාතික කොඩිය ඉස්සුවා. සම්පූර්ණ බොරු හාමුදුරුවනේ මේවා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]