මාතලේ අස්ථි කොටස්වල තිබූ දත් පිළිබඳ විශේෂ පරීක්ෂණයක්

මාතලේ අස්ථි කොටස්වල තිබූ දත් පිළිබඳ විශේෂ පරීක්ෂණයක්

මාතලේ අස්ථි කොටස්වල තිබූ දත් පිළිබඳ විශේෂ පරීක්ෂණයක්

කර්තෘ Chathuranga Rajapaksha

22 Dec, 2013 | 2:22 pm

මාතලේ දිස්ත්‍රික් රෝහලේ සිදුකළ කැණීමකදී හමුවූ මිනිස් අස්ථි කොටස්වල තිබූ දත් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කුරුණෑගල මහ රෝහලේ, අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේකර මහතා පැවසුවේ අදාල අස්ථි කොටස් කාගේ ද ඔවුන් මිය ගියේ කෙසේ ද යන කරුණු අනාවරණය කර ගැනීම සදහා එම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ය.

පසුව අදාල අස්ථි කොටස් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකිරීමට ද කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේකර මහතා පැවසුවේ, අදාල අස්ථි කොටස් සාම්පල කිහිපයක් වැඩි දුර පරීක්ෂණ සදහා චීනයට යවා ඇති අතර එම වාර්ථා සහ දැනට සිදුකෙරෙන සියලු පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව ය.

මේ වනවිට අදාල අස්ථි කොටස් 1986 – 1990 අතර කාලයේ සිදුවූ සිදුවීමක් මත මිහිදන් වූ ඒවා බවට අනුමාන කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දා මාතලේ දිස්ත්‍රික් රෝහලේ ජීව වායු ඒකකය ඉදි කිරීම සදහා කළ කැණීමකදී එලෙස හමුවූ මිනිස් අස්ථි කොටස් සංඛ්‍යාව 155කි.

මේ වනවිට එම අස්ථි කොටස් අතර තම ඥාතීන්ට අයත් අස්ථි කොටස් ඇති බවට පුද්ගලයින් 68 දෙනෙකු විසින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.