නළු නිළියො හොයනව ඇරෙන්න, රනිල්ට වෙන වැඩක් නැහැ – ටිල්වින් සිල්වා

නළු නිළියො හොයනව ඇරෙන්න, රනිල්ට වෙන වැඩක් නැහැ – ටිල්වින් සිල්වා

කර්තෘ Sagarika Chathumali

22 Dec, 2013 | 8:31 pm

ජනතා විමුක්ති පෙරමුණේ මහජන සම්බන්ධීකරණ කාර්යාලයක් අද හොරණදී විවෘත කෙරිණ.

එය සිදු කෙරුණේ, පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ටිල්වින් සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළේ ය.

[quote]දැන් මේ දවස්වල ගත්තොත් අපි දකින්නේ මොකද්ද? එජාපේ හතර වටේ ඇවිදිනවා නළුවෝ හොය හොය නිළියෝ හොය හොය. වැඩිපුර නිළියෝ හොයන්නේ[/quote]

[quote]ඉතින් එජාපේ සාමාන්‍යයෙන් කර කර ඉන්නේ දිගට ම ඡන්දේ තියෙන කාලේට ඔය කාව හරි හොයලා, ඡන්දෙට ඉදිරිපත් කරලා ,දිනවලා ආණ්ඩුවට දෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන කරන්න දෙයක් නෑනේ[/quote]