ග්‍රැහැම් ස්වෝන් ක්‍රිකට් පිටියෙන් වේදනාත්මකව සමුගනී

ග්‍රැහැම් ස්වෝන් ක්‍රිකට් පිටියෙන් වේදනාත්මකව සමුගනී

ග්‍රැහැම් ස්වෝන් ක්‍රිකට් පිටියෙන් වේදනාත්මකව සමුගනී

කර්තෘ Chathuranga Rajapaksha

22 Dec, 2013 | 9:28 am

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ග්‍රැහැම් ස්වෝන් ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙකට සහභාගී නොවනු ඇති.

34 වියේ පසුවන ග්‍රැහෑම් ‍ස්වෝන් 2000 වසරේදී පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ අතර 2008 වසරේදී පළමු ටෙසට් ක්‍රිකට් තරගයට ක්‍රිඩා කළේය.

Graeme Swann newsfirst1 (2)

ඔහු මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් තරග 60කට සහභාගී වී ඇති අතර ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග සංඛ්‍යාව 79කි.

ඔහු ටෙස්ට් ක්‍රිකට් තරගවලදි කඩුලු 255ක් දවාගෙන සිටින අතර එක්දින පිටියේදී කඩුලු 104ක් දවාගෙන සිටී.

ඔහු ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අවසන් අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකට හා එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරන අතර ‍‍ දේශීය ක්‍රීඩා දිවියෙන් ද සමුගැනීමට නියමිත ය.

Graeme Swann newsfirst1 (4)

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අළු බදුන ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසුව විශ්‍රාම යෑමට තීරණය කළ ද තරගාවලිය ජයගැනීමට අවස්ථාවක් නොමැතිවීම හේතුවෙන් එම තීරණයට එළඹි බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

ටෙස්ට් තරග සදහා ශරීරික යෝග්‍යතාවයෙන් නොසිටි බව පවසන ස්වෝන් අඛණ්ඩව සිව්වැනි වරට අළු බදුන තරගාවලිය ජය ගැනීමේ අරමුණින් මෙම තරගාවලියට සහභාගී වූ බව ද මාධ්‍ය වෙත පවසා තිබේ.