කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය නවසීලන්තයට

කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය නවසීලන්තයට

කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය නවසීලන්තයට

කර්තෘ Chathuranga Rajapaksha

22 Dec, 2013 | 9:13 am

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග 2ට 0ක් ලෙස නවසීලන්තය අද ජය ගත්තේය.

ඒ දෙරට අතර පැවති තුන්වැනි තරගය කඩුලු 8කින් ජයගැනීමත් සමගිනි.

හැමිල්ටන් හීදි පැවති තරගයේ නවසීලන්තයට ජයග්‍රහණය සදහා හිමිවුණු ඉලක්කය ලකුණු 122කි.

කොදෙව් දෙවන ඉනිම  ඊයේ ලකුණූ 103කට සීමා වූ අතර නවසීලන්තය කඩුලු දෙකක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේය.

පළමු ඉනිමේදී ශතකයක් රැස් කළ නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

නවසීලන්තය තරගාවලියේ දෙවැනි තරගය ද ජයගත් අතර  පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

දෙරට අතර පවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 26 වන දා ආරම්භවීමට නියමිත ය.