විද්‍යාඥ කණ්ඩායමක් තිරිහන් වීමේ සංයෝගයක් සොයා ගනී

විද්‍යාඥ කණ්ඩායමක් තිරිහන් වීමේ සංයෝගයක් සොයා ගනී

විද්‍යාඥ කණ්ඩායමක් තිරිහන් වීමේ සංයෝගයක් සොයා ගනී

කර්තෘ Sagarika Chathumali

22 Dec, 2013 | 8:54 pm

අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් සතුන් යොදා කරන ලද අධ්‍යයනයකින් වයස්ගත භාවය ක්‍රමිකව ආපස්සට හැරවීමේ ක්‍රමයක් සොයා ගැනීමට සමත් ව සිටී.

ඔවුන් පවසන්නේ, මීයන් ‍යොදා කරන ලද අධ්‍යයනයකදී පේෂීන් යෞවන භාවයට පත්කිරීම සඳහා තමන් භාවිත කළ රසායනික සංයෝගය අතිශය සාර්ථක වූ බව ය.

මෙම පරීක්ෂණයේදී ලැබුණු සාර්ථකත්වය මිනිසෙකු සඳහා ආරෝපණය කළ හොත් අවුරුදු 60ක් වයසැති පුද්ගලයෙකුගේ පේෂීන් අවුරුදු 20ක් වයසැති පුද්ගලයෙකුගේ පේෂීන් දක්වා වෙනස් කරලීමකට සමාන කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් එම ක්‍රියාවලියේදී පේෂීන්හි ශක්තිමත් භාවය ආපස්සට හැරවීමට තව ම ත් ඔවුන් සමත්වී නොමැත.

පරීක්ෂණය මෙහෙය වූ විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ තම අධ්‍යයනය තුළින් වයස්ගත වීම සහ එය ආපස්සට හැරවීමේ අතිශය නැවුම් යාන්ත්‍රණයක් හඳුනාගත් බව ය.

මෙය මවිතය දනවන සොයා ගැනීමක් බව වෙනත් පර්යේෂකයින් කණ්ඩායමක් පවසයි.

වයස්ගත වීම යනු එක් දිශාවකට පමණක් සිදු වන ක්‍රියාවලියක් ලෙසින් පිළිගැනුන ද එහි ඇතැම් අංග ආපස්සට හැරවිය හැකි බවට මෙය කදිම උදාහරණයක් බව එම විද්‍යාඥ පිරිසගේ මතය වී තිබේ.

මෙම පරීක්ෂණය මෙහෙය වූ කණ්ඩායම එන්.ඒ.ඩී. නම් සංයෝගයක් ඉලක්ක කර ඇති අතර ස්වභාවිකව සෛලයක් වයස්ගතවීමේදී සිදු වනුයේ එතුළ එන්.ඒ.ඩී. මට්ටම පහත වැටීම යි.

කෙසේ වෙතත් මානව සෛලයක් සියලුම අංශයන්ගෙන් යෞවනත්වයට පත්කිරීමට එම සංයෝගය සමත් නොවන බව ද විද්‍යාඥයෝ පවසති.

මේ පිළිබඳ සායනික මට්ටමේ පරීක්ෂණ 2015 වස‍රේ ආරම්භ කිරීමට අපේක්ෂිතයි.

මේ අතර මෙම පරීක්ෂණ ප්‍රථිපල පිළිගත නොහැකි බවට තව ත් විද්‍යාඥ කණ්ඩායමක් තර්ක කරයි.