අධික වේගය දෙදෙනෙකුට මරු කැඳවයි

අධික වේගය දෙදෙනෙකුට මරු කැඳවයි

අධික වේගය දෙදෙනෙකුට මරු කැඳවයි

කර්තෘ Chathuranga Rajapaksha

22 Dec, 2013 | 8:19 am

කලවංචිකුඩි, පෙරියකල්ලාරු ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ග සංවර්ධන කටයුත්තක නිරත කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධය ඒකකය පැවසුවේ, ඊයේ පස්වරුවේ යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව අදාළ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයේ ගැටී ඇති බව ය.

අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කල්මුණේ රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, යතුරුපැදිකරු සහ මාර්ග සංවර්ධනයේ නිරතව සිටි කම්කරුවෙකි.

ඔවුන් බක්කිඇල්ල සහ වාලච්චනයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර ගාල්ල, වක්වැල්ල, ජූල්ගහ මංසන්ධියේදී සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්විය.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

අනතුරෙන් පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.