වෙබ් අඩවි 1500ක් තහනම් කෙරේ

වෙබ් අඩවි 1500ක් තහනම් කෙරේ

වෙබ් අඩවි 1500ක් තහනම් කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

21 Dec, 2013 | 6:01 pm

ගතවූ වසර 3 තුළ වෙබ් අඩවි 1500කට අධික සංඛ්‍යාවක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි, විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසුවේ, එයින් 99% ක්ම අසභ්‍ය ඒවා බව ය.

වසරේ මේ දක්වා කාලය තුළදී ද වෙබ් අඩවි රැසක් තහනම් කිරිමට පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

මෙරට කාන්තාවන්ගේ හා ළමුන්ගේ දර්ශන ඇතුලත් අසභ්‍ය වෙබ් අඩවි එලෙස තහනම් කර තිබේ.

අනූෂ පැල්පිට මහතා සඳහන් කළේ, අධිකරණ නියෝගවලට අනුව සහ ලද පැමිණිලිවලට අනුව විමර්ශනය කර අදාළ ක්‍රියාමාර්ග ගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]