කැස්බෑ සොරකම ගැන කටඋත්තර දෙන්න ජනප්‍රිය ගායකයා පොලීසියට ඇවිත් නැහැ

කැස්බෑ සොරකම ගැන කටඋත්තර දෙන්න ජනප්‍රිය ගායකයා පොලීසියට ඇවිත් නැහැ

කර්තෘ Chathuranga Rajapaksha

18 Dec, 2013 | 8:47 pm

ගාල්ල, කොස්ගොඩ ප්‍රදේශයේ තවත් සංරක්ෂණ මධ්‍යස්ථානයකින් සුදු කැස්බෑවෙකු මිලදී ගැනීමට ගත් උත්සාහයක් පිළිබඳව අද වාර්තා විය.

මධ්‍යස්ථානයේ හිමිකරු ඉල්ලා‍ සිටින්නේ එම ස්ථානයට ආරක්ෂාව ලබා දෙන ලෙස ය.

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක  සිටි මිල කළ නොහැකි සුදු කැස්බෑවෙකු පසුගියදා අතුරුදන් විය.

ජාන විකෘතියකින් එවැනි සුදු කැස්බෑවුන් බිහිවන අතර එය ඉතා දුර්ලභ තත්ත්වයකි.

කොස්ගොඩ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටි කැස්බෑවුන් සිව්දෙනා අතුරින් අතුරුදන්ව ඇත්තේ  විශාලතම කැස්බෑවා ය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ප්‍රවීන ගායකයකුට අද කොස්ගොඩ පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

එහෙත් ඔහු අද පොලීසිට නොපැමිණයේ  ය.

මේ අතර අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වනජීවි සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා ද මේ පිළිබඳව අදහස් පළ කළේය.

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය ආසන්නයේ සුදු කැස්බෑවෙකු හිමි  තවත් මධ්‍යස්ථානයක හිමිකරුවෙක් එම අතුරුදන් වීම සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

අමරසේන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු අමරසේන ප්‍රනාන්දු මහතා

[quote]අපි මේකටම අපි ඉල්ලා සිටින්නේ මේකට ලොකු ආරක්ෂාවක් ලබා  දෙන්න කියල[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]