සත් වසරකට පසු ඔස්ට්‍රේලියාව අළු බඳුන දිනා ගනී

සත් වසරකට පසු ඔස්ට්‍රේලියාව අළු බඳුන දිනා ගනී

කර්තෘ Chathuranga Rajapaksha

17 Dec, 2013 | 5:47 pm

සත් වසරකට පසු අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය.

ඒ තරග 5කින් සමන්විත තරගාවලියේ තුන්වැනි තරගය ද ලකුණු 150කින් ජය ගැනීමත් සමගිනි.

ඒ අනුව අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3ට බින්දුවක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත් විය.

ashes cup 2013 newsfirst

පර්ත්හිදී පැවැති තරගයේ පළමු ඉනිමේදී ඕස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 385ට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 251ක් රැස් කළා.

අනතුරුව දෙවැනි ඉනිමට ලකුණු 369ක් රැස් කර ගෙන සිටියදී ඔස්ට්‍රේලියාව සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ඒ අනුව ජයග්‍රහණය සදහා එංගලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 504කි.

තරගයේ අවසන් දිනය වූ අද එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක් සහ මැට් ප්‍රයර් පිටියට පිවිසියේය.

ashes cup 2013 newsfirst 3

ඒ වන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 5ට ලකුණු 251 ක් ලෙස සටහන්ව තිබුණි.

දිනයේ පළමු කඩුල්ල ලෙස මැට් ප්‍රයර් ලකුණු 26 කට දැවී ගියේය.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ බෙන් ස්ටොක් ලකුණු 120ක් ලබා ගත්තේය.

අද දිනයේදී ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් එංගලන්ත පසුපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාව ලබා නොදුන්නේය.

ashes cup 2013 newsfirst2

එංගලන්ත කණ්ඩායමේ අවසන් පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 17කට දැවී යාම විශේෂත්වයකි.

තරගයේ වීරයා සම්මානය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට හිමිවිය.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි තරගය ලබන 26 වන දා මෙල්බර්න් හිදී ආරම්භ වීමට නියමිත ය.