ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු

කර්තෘ Chathuranga Rajapaksha

17 Dec, 2013 | 6:21 pm

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සදහා ජනප්‍රිය පාසල් ලබාදීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් සදහා ජනප්‍රිය පාසල් ලබාදීමේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ විශාකා විද්‍යාලය සදහා නිකුත් කර ඇති කඩඉම් ලකුණ 186 කි.

මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 184 ක් ද, කොළඹ ආනන්ද විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සදහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාව ලකුණු 183 ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කොළඹ දේවි බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සදහා ලකුණු 182 ක් ද, කොළඹ නාලන්ද විද්‍යාලය ලකුණු 181 ක් ද, කොළඹ ඩි.එස් සේනානායක මහා විද්‍යාලය, කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලය සහ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය සදහා නිකුත් කර ඇති කඩයිම් ලකුණු සංඛ්‍යාව 180 කි.

ගාල්ල මහින්ද විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සදහා නිකුත් කර ඇති කඩඉම් ලකුණු සංඛ්‍යාව 179 ක් වේ.

නුගේගොඩ අනුලා විද්‍යාලය, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය, මහනුවර උසස් බාලිකා විද්‍යාලය සදහා නිකුත් කර ඇති කඩයිම් ලකුණු සංඛ්‍යාව 177 කි.

මේ අතර මිශ්‍ර පාසල් අතුරින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය, වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය සදහා 174 ක කඩඉම් ලකුණක් නිකුත් කර තිබේ.

දිවයිනේ සියලු පාසල්වන කඉඩම් ලකුණු පහත දැක්වේ

Grade five examination cut-off mark 1 newsfirst

Grade five examination cut-off mark 2 newsfirst

Grade five examination cut-off mark 3 newsfirst

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]