මිනිස්සුන්ට වඩා ආණ්ඩුවට බල්ලො,බළල්ලු වටිනවා- සුසිල් කිඳෙල්පිටිය

මිනිස්සුන්ට වඩා ආණ්ඩුවට බල්ලො,බළල්ලු වටිනවා- සුසිල් කිඳෙල්පිටිය

කර්තෘ Sagarika Chathumali

17 Dec, 2013 | 7:41 am

අයවැයට අනුව ආණ්ඩුව බදු බරින් නිදහස් කර ඇත්තේ,  බල්ලන්ගේ සහ බළලුන්ගේ ආහාර  පමණක් බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ කොලොන්නාව ප්‍රධාන ආසන සංවිධායක සුසිල් කිඳෙල්පිටිය මහතා පවසයි.

කිඳෙල්පිටිය මහතා මේ  බව පැවසුවේ, ඊයේ වත්තල, හුණුපිටිය ප්‍රදේශයේදී පැවැති ජන හමුවක් අමතිමිනි.

ආසන සංවිධායකවරයා එහිදී වැඩි දුරට ත් පැවසුවේ, ආණ්ඩුව ජනතාවට වඩා බල්ලන්ට සහ බළලුන්ට වටිනාකමක් දී ඇති බව ය.

මෙහිදී හුණුපිටිය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පොත් බෙදා දීමක් ද සිදු කෙරිණ.