නයිජීරියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතු බව එ.ජා. කියයි

නයිජීරියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතු බව එ.ජා. කියයි

නයිජීරියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතු බව එ.ජා. කියයි

කර්තෘ Sagarika Chathumali

17 Dec, 2013 | 9:36 am

නයිජීරියාවේ බෝකෝ හරාම් සටන්කාමීන් ගෙවුණු සති කිහිපයේදී එරට සිවිල් වැසියන් 1200ක් පමණ ඝාතනය කර ඇතැයි, එක්සත් ජාතීන් පවසයි.

ඔවුන් වැඩි දුරට ත් සඳහන් කරන්නේ, නයජීරියාවේ අදමාවා බෝනෝ සහ යොබේ දිස්ත්‍රික්කයන්හිදී මෙම ඝාතනය සිදු ව ඇති බව ය.

කෙසේ වෙතත් නයිජීරියාවේ ඉස්ලාමීය කැරළිකරුවන් විසින් සිදු කරන මෙවැනි ක්‍රියා හමුවේ වහා ම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතු බව එක්සත් ජාතීන් පවසයි.

මෙය එක්සත් ජාතීන් නයිජිරියාව තුළ හදිසි අවස්ථාවක් පිළිබඳව ප්‍රකාශ කළ පළමු අවස්ථාව ද වේ.

මේ අතර 2009 වසරේ සිට නයිජීරියාවේ බොකෝ හරාම් සටන්කාමීන්ගේ  ප්‍රහාරවලින් පුද්ගලයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් ව ඇතැයි, විදෙස් වාර්තා පෙන්වා දෙයි.