දසදහසකට ආසන්න පිරිසකට සෞඛ්‍ය සේවයේ පත්වීම්

දසදහසකට ආසන්න පිරිසකට සෞඛ්‍ය සේවයේ පත්වීම්

කර්තෘ Chathuranga Rajapaksha

17 Dec, 2013 | 9:23 pm

නිදහස් සෞඛ්‍ය සේවාවේ ස්වර්ණමය යුගය උදාවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පත්වීමේ ලිපි ප්‍රධානෝත්සවයකදී ය.

සෞඛ්‍ය සේවාවේ විවිධ ක්ෂේත්‍ර සදහා දසදහසකට ආසන්න පිරිසකට අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි පිරි නැමුණි.

හෙද පුහුණුව සඳහා අලුතින් 6500 ක් පුහුණුව අවසන් කළ හෙද නිලධාරීන් 1900 ක් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ ශ්‍රේණි 14 ක පුහුණුව සඳහා 2000 ක් එහිදී පත්වීම් ‍ලිපි ප්‍රධානය කළහ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ‍මෙය සෞඛ්‍ය සේවාවේ එකවර වැඩිම පත්වීම් ලිපි ප්‍රමාණයක් බෙදා දුන් අවස්ථාව බව ය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා

[quote]
වෛද්‍යවරයා ,හෙදිය ,පරිපූරක සේවය ,‍අතුරු වෛද්‍ය සේවා , කනිෂ්ඨකාර්ය මණ්ඩලය,මේ සියල්ල ගුණාත්මක වෛද්‍ය සේවාව පිළිබදව වගකීම ඔබ ‍අත තිබෙන්නේ. අපි  අවශ්‍ය සම්පත් ලබා‍දෙනවා. උසස් ප්‍රමිතියකින් යුත් ගුණාත්මක සේවාවක් පවත්වාගෙන යාමේ වගකීම තිබෙන්නේ ඒ වෘත්තියකයින් අතයි[/quote]

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

[quote]
නිදහස් සෞඛ්‍ය සේවාවේ ස්වර්ණමය යුගය අදයි කියල කිව්වොත් මේ යුගයයි කියල කිව්වොත් ඒක නිවැරදියි කියල මං විශ්වාස කරන්නේ මේ පත්වීම් ලබන අයගේ වැටුප් ගෙවන්න මං නිකන්  බැලුවා, 17 ‍කෝටියක් මාසෙකට. මම 20 වෙනිදා වෙනකොට ට්‍රෙෂරි එක අපේ මහා භාණ්ඩාගාරය මේ ඉන්න පිරිසට පඩි ගෙවන්න 17 කෝටියක් හොයන්න ඕන[/quote]