කොළඹ සිට හීතෘ බලා ගිය යානයේ බෝම්බයක් ඇති බව පැවසූ මගියා රිමාන්ඩ්

කොළඹ සිට හීතෘ බලා ගිය යානයේ බෝම්බයක් ඇති බව පැවසූ මගියා රිමාන්ඩ්

කොළඹ සිට හීතෘ බලා ගිය යානයේ බෝම්බයක් ඇති බව පැවසූ මගියා රිමාන්ඩ්

කර්තෘ Sagarika Chathumali

17 Dec, 2013 | 7:38 am

එංගලන්තයේ ස්ටෑන්ස්ටඩ් ගුවන් තොටුපොළට හදිසියේ ගොඩ බෑමට සිදු වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට තමන් තර්ජනය කළ බව පුද්ගලයෙකු අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.

බීබීසී ලෝක සේවය පැවසුවේ, ඊයේ චෙල්ම්ස්ෆෝර්ට් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 49 හැවිරිදි එම සැකකරු ව්‍යාජ ප්‍රකාශයක් කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් බව ය.

ඒ අනුව ඔහුට එරෙහිව දඬුවම් නියම කිරීම ලබන වසරේ ජනවාරි 22 වන දා දක්වා කල් දමා තිබේ.

ඒ වන තෙක් අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව බීබීසි ලෝක සේවය සඳහන් කළේ ය.

කොළඹ සිට හීතෘ බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය අදාළ සිද්ධියට මුහුණ පෑවේ ඉකුත් සැප්තැම්බර් 20 වන දා ය.

මගීන් 267 දෙනෙකු සමග පියාසර කළ එම ගුවන් යානයේ බෝම්බයක් ඇති බවට අදාළ පුද්ගලයා තර්ජනයක් කිරීම හේතුවෙන් ගුවන් යානය එසෙක්ස් ප්‍රාන්තයේ ස්ටෑන්ස්ටඩ් ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වනු ලැබී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]