ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයින්ට නව ආචාර ධර්ම පද්ධතියක්

ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයින්ට නව ආචාර ධර්ම පද්ධතියක්

ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයින්ට නව ආචාර ධර්ම පද්ධතියක්

කර්තෘ Sagarika Chathumali

17 Dec, 2013 | 2:47 pm

රැකවරණය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන සංක්‍රමණිකයින්ට නව ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ, සමාජ විරෝධී හැසිරීම්වල යෙදෙමින් මෙම අචාර ධර්ම පද්ධතිය උල්ලංඝණය කරන සංක්‍රමණිකයින්ගේ වීසා අවලංගු කිරීම, සමාජ සුබ සාධන දීමනා කප්පාදු කිරීම මෙන් ම රැඳවුම් භාරයට ද පත් කිරීමට ද හැකි බව ය.

නව ආචාර ධර්ම පද්ධතිය යටතේ ඔස්ට්‍රේලියාවේ රැකවරණය බලාපොරොත්තුවෙන් එරට සිටින සංක්‍රමණිකයින් මාර්ග නීති ඇතුළු සියලු නීතිවලට අනුකූලව කටයුතු කළ යුතු වේ.

ඔස්ට්‍රේලියාවේ සිටින සියලු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකුට ලිංගික අපයෝජන චෝදනා එල්ල වීම ඇතුළු සිදුවීම්වලින් පසු

සංක්‍රමණිකයින් සඳහා මෙවැනි ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිමට ඔස්ට්‍රේලියා බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

ඇතැම් විට වීසා අවලංගු කෙරෙන සංක්‍රමණිකයින් පැපුවා නිව්ගිනියාවට හෝ නාවුරු යන රාජ්‍යයන්හි රැඳවුම් මධ්‍යස්ථාන වෙත යැවෙනු ඇතැයි, අදාළ වාර්තාවේ වැඩි දුරට ත් සඳහන් ය.