ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර අවබෝධතා ගිවිසුම් 8ක්

ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර අවබෝධතා ගිවිසුම් 8ක්

කර්තෘ Chathuranga Rajapaksha

15 Dec, 2013 | 7:18 am

කෙන්යාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා සම්මුති හා ගිවිසුම් 8 කට අත්සන් තබා තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ජනාධිපතිවරයාගේ කෙන්යානු සංචාරයට සමගාමීව ඊයේ පස්වරුවේ නයිරෝබි අගනුවරදී එම ගිවිසුම්වලට අත්සන් තැබුණු බව ය.

ද්වීපාර්ශවීය වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව වර්ධනය එම ගිවිසුම් මගින් අපේක්ෂිත ය.

සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සහයෝගීතාව, ක්‍රීඩා ක්ෂේත්‍රයේ  සහයෝගීතාව, රාජ්‍ය තාන්ත්‍රික හා නිල විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳ එකඟතාවන්ට අදාළ ගිවිසුම් ඒ අතර වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මීට අමතරව වෙළෙඳාම, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ.

ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට දෙරටේ රාජ්‍ය නායකයින් ද එක්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]