මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි

සන්ධානය තවත් අයවැය 2ක් පරදී

සන්ධානය තවත් අයවැය 2ක් පරදී

කර්තෘ Chathuranga Rajapaksha

12 Dec, 2013 | 4:04 pm

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ සහ වත්තේගම නගර සභා අයවැය අද පරාජයට පත්විය.

2014 වර්ෂය සදහා හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වූයේ ඡන්ද 13 කින් ය.

ප්‍රාදේශිය සභා සභාපති රණසිංහ දිසානායක මහතා සඳහන් කළේ, පක්ෂව ඡන්ද 8 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද  13 ක් ලැබුණ  බව ය.

අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් 8 දෙනා සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ඡන්ද භාවිත කළ බව ඔහු පැවසීය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සමග ස්වාධීන මන්ත්‍රිවරයකු අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේය.

රණසිංහ දිසානායක මහතා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටි බව ය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මහනුවර, වත්තේගම නගර සභාවේ 2014 අයවැය ද අද පරාජයට පත් විය.

එහි සභාපති කේ.සී. ලියනගේ මහතා පැවසුවේ අයවැයට පක්ෂව ඡන්ද 4 ක් හා විපක්ෂව ඡන්ද 5 ක් ලැබුණු බව ය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු, ස්වාධීන මන්ත්‍රීවරයකු සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ ඔහු පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]