යුද සමයේ කෝටි 165ක් වටිනා වාහන 71ක් වංචා කළ සැකකරු දැලේ

යුද සමයේ කෝටි 165ක් වටිනා වාහන 71ක් වංචා කළ සැකකරු දැලේ

යුද සමයේ කෝටි 165ක් වටිනා වාහන 71ක් වංචා කළ සැකකරු දැලේ

කර්තෘ Sagarika Chathumali

11 Dec, 2013 | 3:00 pm

යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුලී පදනම මත ලබා ගත් කෝටි 165ක් වටිනා වාහන 71ක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවෙකු තව දුරට ත් රඳවා තැබීමට අධිකරණය අද නියෝග කළේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණතිලක මහතා නියෝග කළේ, පෞද්ගලික බැංකු කිහිපයක ඇති විත්තිකරුගේ ගිණුම් 11ක් පිළිබඳව විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සපයන ලෙස ය.

විත්තිකරු මෙම මුදල් ඔහුගේ සහ බිරිඳගේ මෙන් ම දරුවන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම බැංකුවල තැන්පත් කිරීමෙන් පසු විත්තිකරු පවුලේ සියලු සාමාජිකයින් සමග විදෙස්ගත වී කලක් එහි සිට ආපසු දිවයිනට පැමිණෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.