මධ්‍ය සම්බන්ධයෙන් කරූගේ එදා සහ අද කථා (වීඩියෝ)

මධ්‍ය සම්බන්ධයෙන් කරූගේ එදා සහ අද කථා (වීඩියෝ)

කර්තෘ Sagarika Chathumali

11 Dec, 2013 | 9:35 pm

මෙරට ඇතැම් මාධ්‍යය සිය වගකීම ඉටුකරනවා වෙනුවට තමන්ට එකඟ නොවන පුද්ගලයින්ට නින්දිත ලෙස පහරදෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කරූ ජයසූරිය මහතා පවසයි.

[quote]අවාසනාවකට අද මේ රටේ සමහර මාධ්‍යය තමන්ට පැවරී තිබෙන එම වගකීම, කරනවා වෙනුවට තම මතයට එකග නොවන විරුද්ධවාදීන්ට ඉතාමත් නින්ධිත පහත් මට්ටමින් පහරදෙමින්, ඒ අයගේ චරිත ඝාතනය කිරීමට ගරුත්වය කෙළෙසීමට කටයුතු කරනවා[/quote].

මේ බව ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව අමතමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරට ත් පැවසුවේ, ආණ්ඩුවේ හෝ විපක්ෂයේ වැරදි මාධ්‍ය මගින් පෙන්වා දිය යුතු වුවත් වැරදි නොකරන පුද්ගලයින් ඉලක්ක කර මඩ පහර එල්ල කිරීම අද සමහර පුවත්පත්වල විලාසිතාවක් බවට  පත් ව ඇති බව ය.

කෙසේ වූව ද කරූ ජයසූරිය මහතාගේ මීට පෙර ස්ථාවරය වූයේ මාධ්‍ය ඉතාමත් ඥානාන්විතව වගකීමෙන් යුතු ව ක්‍රියා කරන බව ය.

මේ අතර මාධ්‍ය ආයතනවලට හා ජන මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පැවැත් විය යුතු බව කරූ ජයසූරිය මහතා ඉකුත් අප්‍රේල් මස 18 වෙන දා ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම ඇතුළත් නිවේදනය එදින කරූ ජයසූරිය මහතාගේ වෙබ් අඩවිය මගින්ද ප්‍රසිද්ධ කර තිබුණි.

තව ද මෙම වසරේ මැයි 17 වන ද පැවැති මාධ්‍ය හමුවකදී කරූ ජයසූරිය මහතා පැවසුවේ, ආණ්ඩුවේ මුරණ්ඩු පිළිවෙත උත්සන්න වී ඇති බව ය.

එදා එලෙස මාධ්‍ය පිළිබඳව අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කරූ ජයසූරිය මහතා අද මව්බිම පුවත්පත සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුව හමුවේ දැක්වූයේ මෙවන් අදහසකි.

[quote]මේ ළඟදි දෙවැනි වතාවට ආරම්භ කළ මව්බිම පුවත්පත ඒ මුල් අවස්ථාවේදී පැවැති ස්ථාවයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, ස්ථාවරයක් මත පිහිටා සිටිමින්, අද නිර්ලැජ්ජිත මාධ්‍ය භාවිතාවක නිරත වෙමින් සිටිනවා. එහි සහෝදර පුවත්පත වන සිලෝන් ටුඩේ පුවත්පත කටයුතු කරන්නේත්, මෙයට සමගාමීවයි. මගේ ජීවිතයේ කිසිම අවස්ථාවක, කිසිම රටකදී නොදැකපු ශිර්ෂපාඨ ටිකක්, මව්බිම පත්තරේට පිංසිද්ධ වෙන්න, පසුගිය දවස්වල මම දැක්කා. මා දන්නා ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලනඥයෙකුගේ රැස්වීමකට හෙන ගැහුවායි කියලා, පොල්ගෙඩි අකුරෙන්, ශිර්ෂපාඨයක් ලියලා තිබුණා. මේ පත්තරේ මේක පල කළේ මොන හිතකින්ද කියලා මට තේරුම් ගන්න අමාරුයි. මොන.. බැලුවත් නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, එක මාධ්‍ය සදාචාරයට සම්පූර්ණයෙන්ම පටහැනියි[/quote]. –

මව්බිම පුවත්පතේ කර්තෘවරයා අවධාරණය  කරන්නේ කරූ ජයසූරිය මහතා සහභාගී වූ අදාළ රැස්වීම පැවැති අවස්ථාවේ අකුණක් පතිතවීම සත්‍යයක් නම්, එය වාර්තා කිරීම අසත්‍යයක් හෝ විකෘති කිරීමක් වන්නේ කෙසේ ද යන්න යි.

කරූ ජයසූරිය මහතා අද මාධ්‍ය සම්බන්ධයෙන්, මෙලෙස අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ දේශපාලනඥයෝ අදහස් දැක්වූහ.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ, කරූ ජයසුරිය මහතාගේ කථාව ඇසීමෙන් තමන් විස්මයට පත් වූ බව ය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ, විපක්ෂය නියෝජනය කරන තමන් ද රටේ ශක්තිමත් විපක්ෂයක්  නොමැති බව පිළිගන්නා බව ය.