කොම්පඤ්ඤ වීදියේ ආහාර ගබඩාවක් වටලයි

කොම්පඤ්ඤ වීදියේ ආහාර ගබඩාවක් වටලයි

කර්තෘ Sagarika Chathumali

11 Dec, 2013 | 9:59 pm

පරිභෝජනයට නුසුදුසු තක්කාලි සෝස් හා මිරිස් කුඩු තොගයක් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ගබඩාවක තිබී හමු වී තිබේ.

වෙළද අමාත්‍යංශයට මේ පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව  කළ වැටලීමකදී පරිභෝජනයට නුසුදුසු මෙම  නිෂ්පාදන සොයා ගැනිණ.

රුපියල් ලක්ෂ 3 කට ආසන්න එම නිෂ්පාදන  පාරිභෝගික අධිකාරිය සිය භාරයට  ගෙන තිබේ.

මේ  සම්බන්ධයෙන් ඉදිරියේදී නිත්‍යනුකූල පියවර ගැනීමට කටයුතු කරන බව ද කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා සඳහන්  කළේ ය.