කේට් වින්ස්ලට් දරුවෙකු බිහි කරයි

කේට් වින්ස්ලට් දරුවෙකු බිහි කරයි

කේට් වින්ස්ලට් දරුවෙකු බිහි කරයි

කර්තෘ Kumudu Jayawardana

11 Dec, 2013 | 1:31 pm

සුපිරි හොලිවුඩ් නිළි කේට් වින්ස්ලට් සිය පළමු දරුවා බිහි කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සසෙක්ස්හි පෞද්ගලික රෝහලකදී ඇය පිරිමි දරුවෙකු බිහි කර ඇති බව ය.

මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව රෝහල් ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා තිබේ.

38 හැවිරිදි කේට් වින්ස්ලට් පසුගිය දා තහවුරු කළේ, නෙඩ් රොකන්රෝල් නමැත්තාට දාව තමන් දරුවෙකු බිහි කරන බව ය.

නෙඩ් රොකන්රෝල් යනු බිලියනපතියෙකු වන රිචර්ඩ් බ්‍රැන්සන්ගේ ඥාති පුත්‍රයෙකි.