ජෙනිෆර් ලෝරන්ස්ගෙන් තාවකාලික සමුගැනීමක්

ජෙනිෆර් ලෝරන්ස්ගෙන් තාවකාලික සමුගැනීමක්

ජෙනිෆර් ලෝරන්ස්ගෙන් තාවකාලික සමුගැනීමක්

කර්තෘ Kumudu Jayawardana

09 Dec, 2013 | 1:22 pm

හොලිවුඩ් සුපිරි නිළි ජෙනිෆර් ලෝරන්ස් ටික කලක් රංගනයෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබේ.

තමන්ගේ පෞද්ගලික ජීවිතය ගොඩ නගා ගැනීම සඳහා එම තීරණයට එළඹි බව ඇය පවසයි.

මේ වන විට තමන් සිය වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩ නගා ගෙන සිටින බව සඳහන් කළ ඇය පැවසුවේ, පෞද්ගලික ජීවිතය ගොඩ නගා ගැනීම සඳහා කාලය එළඹ ඇති බව ය.

ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට 4ක් ඉදිරියේදී තිරගත වීමට නියමිත ය.

ඒ අතර, X-Men: Days of Future Past සහ The Hunger Games: Mockingjay – Part 1 චිත්‍රපට ඇතුළත් වේ.

jennifer-lawrence2