සංජේ දත්ට හිරගෙදරින් නිවාඩුවක්

සංජේ දත්ට හිරගෙදරින් නිවාඩුවක්

සංජේ දත්ට හිරගෙදරින් නිවාඩුවක්

කර්තෘ Sagarika Chathumali

07 Dec, 2013 | 12:57 pm

බොලිවුඩ් නළු සංජේ දත්ට යළි ත් වරක් සිර ගෙදරින් මාසයක කාලයක් සඳහා නිවාඩුවක් හිමි වී තිබේ.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ, සිය බිරිඳ රෝගී බව සඳහන් කරමින් යෙමු කරන ලද අයැදුමක් සලකා බැලීමෙන් අතුරුව බන්ධනාගාර බලධාරීන් ඒ සඳහා අවසර දී ඇති බව ය.

සංජේ දත් අද දිනයේ මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසට පැමිණෙනු ඇති බවට ඉන්දීය වාර්තාවල වැඩිදුරට ත් සඳහන් වේ.

සංජේ දත් පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ද පාදයේ ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා දින 14ක නිවාඩුවක් ලබා ගත් අතර පසුව එය තව ත් දින 14කින් දීර්ඝ කර ගත්තේ ය.

එම නිවාඩු කාලය අවසන් වීමෙන් පසු ව ඔහු නැවතත් ඔක්තෝබර් 30 වනදා සිරගෙදර බලා පිටත් ව ගියේ ය.

1993 වසරේ මුම්බායි ප්‍රහාරය හා සම්බන්ධයෙන් සංජේ දත්ට එරෙහි ව වසර 5ක සිරදඬුවමක් නියම විය.

පූනේ පිහිටි යෙරරේවාදා බන්ධාගාරයේ සිරගත ව සිටින සංජේ දත් මේ වන විට 53 වන වියේ පසු වේ.