මැන්ඩෙලාගේ නිවස අසල ලක්ෂ සංඛ්‍යාත පිරිසක්

මැන්ඩෙලාගේ නිවස අසල ලක්ෂ සංඛ්‍යාත පිරිසක්

කර්තෘ Sagarika Chathumali

07 Dec, 2013 | 1:19 pm

අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය මේ වනවිට ජොහැන්නස්බර්ග් නගරයේ තැන්පත් කර තිබේ.

ඒජන්සි වර්තා සඳහන් කරන්නේ, තම කළු ජාතික වීරවරයාට අවසන් බුහුමන් දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත පිරිස් ජොහැන්නස්බර්ග් නගරයට පැමිණෙමින් සිටින බව ය.

මේ අතර ස්වීටෝහි පිහිටි මැන්ඩෙලාගේ නිවස ඉදිරිපිට ද තවම ත් අතිවිශාල ජනකායක් රැස් ව සිටින බව විදෙස් වාර්තා  සඳහන් කරයි.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ, තමන්ගේ අයිතීන් වෙනුවෙන් අවසන් මොහාත දක්වා සටන් කළ මේ අතවිශිෂ්ඨ මිනිසා වෙනුවෙන් වූ උපරිම ගෞරවය හා භක්තිය පුද කිරීමයි.

Nelson Mandela death newsfirst (5)

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ, මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන 15 වන  දා සිදු කරන බව ය.

එතෙක් දේහය මහජන ගෞරවය සඳහා ජොහැන්නස්බර්ග් සහ ප්‍රිටෝරියා නගරවල තැන්පත් කෙරෙනු ඇති.

Nelson Mandela death newsfirst (4)

මේ අතර ලෝ පුරා රාජ්‍ය නායකයින් රැසක් නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් ශෝක ප්‍රකාශ නිකුත් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ එළිසබත් මහ රැජිණ නිවේදනය කර ඇත්තේ, මැන්ඩෙලාගේ වියෝවෙන් තමන් ඉතා කම්පනයට ලක් ව සිටින බව ය.

සමස්ත ජීවිතය ම වර්ණ භේද වාදයට එරෙහි සටන වෙනුවෙන් වැය කළ මේ අසහය මිනිසා තම ජාතියේ පියා ලෙස දකුණු අප්‍රිකානුවන් හඳුන්වන අතර මැන්ඩෙලා සිය ජීවිතයෙන් වසර 27ක් ගෙවා දමා ඇත්තේ, සිපිරිගෙය තුළ ය.

ඒ විටින් විට සිදුකරන ලද වර්ණ භේදයවාදය තුරන් කිරීමේ අරගලය හේතුවෙනි.

කෙසේවෙතත් තම ජාතියට නිසි තැන ළඟා කරමින් මැන්ඩෙලා 1994 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය තුළින් එරට ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් විය.

Nelson Mandela death newsfirst (2)

අනතුරුව දකුණු අප්‍රිකාවේ  වර්ණ භේද වාදය අවසන් කරමින් මැන්ඩෙලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ක්‍රියා කළ අතර නව අරගල සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය වීම් සොයා බැලීමට සත්‍ය කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට  ද කටයුතු කළේ ය.

කෙසේ වෙතත් වර්ණභේද වාදයට එරෙහි ගෝලීය අරගලය සහ ලෝක සාමය වෙනුවෙන් දැක් වූ දායකත්වය  වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ඇතුළු ජාත්‍යන්තර ත්‍යාග සහ සම්මාන 250කින් පමණ පිදුම් ලැබූ මැන්ඩෙලා හට අමෙරිකාව සහ රුසියාව ද ඉහළ ම සිවිල් සම්මානය පිරිනැමී ය.

Nelson Mandela death newsfirst (3)

ජාතික නිවහල් බව ළඟා කර දුන් නෙල්සන් මැන්ඩෙලා හෙවත් මෙම අතිවිශිෂ්ඨ කළු ජාතික නායකයා ලබන 15 වනදා ඔහු හැදී වැඩුණු කේපිහි කුනු නගරයේදී  අවසන් ගමන් යාමට නියමිත ය.

එහෙත් ඔහු එළි පෙහෙළි කළ ගමන් මග තව ත් දහසක් කළු ජාතිකයින් නිදහසේ නිවහල් ජාතියක් ලෙසින් නැගී සිටිනු ඇති.

Nelson Mandela death newsfirst (1)

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]