2013 වී සම්මානයෙන් ආනන්ද ගුරුගේ පිදුම් ලබයි

2013 වී සම්මානයෙන් ආනන්ද ගුරුගේ පිදුම් ලබයි

කර්තෘ Chathuranga Rajapaksha

06 Dec, 2013 | 7:09 pm

මෙරට ස්වේච්ඡා සේවකයින් ඇගයිමට ලක් කරන වී සම්මාන 2013 උළෙල අද රත්මලාන ස්ටයින් මැදැරි සංකීර්ණයේදී පැවැත්විය.

මේ වසරේ විශිෂ්ඨතම ස්වේච්ඡා සේවකයා ලෙස ආනන්ද ගුරුගේ මහතා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

නිව්ස්ෆස්ට් එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා වැඩසටහන සමග එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කළේය.

වී සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ දෙවැනි වරටයි.

Vaward 2013 winner Ananda Guruge newsfirst

උළෙල ආරම්භ වූයේ අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා මහතා සිහිපත් කරමින් ය.

දහසකට අධික අයදුම්පත් අතරින් ප්‍රතිලාභ නොලබා සමාජ මෙහෙවරේ නිරත ස්වේච්ඡා සේවකයින් 12 දෙනෙකු අවසාන අදියර සදහා යෝජනා වී තිබුණි.

ඔවුන් ඇගයීමට ලක් කළේ, ස්වාධින විනිශ්චය මණ්ඩලයකි.

මේ වසරේ හොඳම ස්වේච්ඡා සේවකයා සඳහා වන වී සම්මානයට අමතරව තවත් සම්මාන දෙකක් ප්‍රදානය කිරීමට මෙවර පියවර ගැනිණ.

ඒ හොඳම තරුණ ස්වේච්ඡා සේවකයා සහ ජලය සුරකිමින් අනාගත පරපුරට දායක කළ ස්වේච්ඡා සේවකයා වෙනුවෙන් පිදෙන සම්මානය ලෙස ය.

හොඳම තරුණ ස්වේච්ඡා සේවකයා වෙනුවෙන් පිදෙන සම්මානය අරලියා අබේසේකර මහත්මියට හිමිවූවා ය.

ජලය සුරකිමින් අනාගත පරපුරට දායක කළ ස්වේච්ඡා සේවකයා වෙනුවෙන් සම්මාන ලැබුවේ නාලක ප්‍රියන්ත මහතා ය.

2013 වී සම්මානය ලැබූ ආනන්ද ගුරුගේ මහතා ශ්‍රව්‍යාබාධිතයින් වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් කළ අයෙකි.

Vaward 2013 winner Ananda Guruge newsfirst1

Vaward 2013 winner Ananda Guruge newsfirst2