ශ්‍රේෂ්ඨ ආලෝකයක් ලෝකයට අහිමි වුණා – බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්

ශ්‍රේෂ්ඨ ආලෝකයක් ලෝකයට අහිමි වුණා – බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්

ශ්‍රේෂ්ඨ ආලෝකයක් ලෝකයට අහිමි වුණා – බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්

කර්තෘ Kumudu Jayawardana

06 Dec, 2013 | 1:28 pm

නෙල්සන් මැන්ඩෙලාගේ අභාවයෙන් ශ්‍රේෂ්ඨ ආලෝකයක් ලෝකයට අහිමි වූ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි.

ඔහු සඳහන් කළේ, මැන්ඩෙලා සමස්ත ලෝකයේ සැබෑ වීරයෙකු බව ය.

නෙල්සන් මැන්ඩෙලා යනු වත්මන් ලෝකයේ ඉන්ද්‍රඛීලයක් වැනි චරිතයක් බව ඔහු පැවසීය.

ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේ, මැන්ඩෙලා හමුවීම  සිය ජීවිතයේ වඩා ත් ගෞරවනීය අවස්ථාව ලෙස සලකන බව ය.

ඔහු තුළ තිබූ ධෛර්යය තුළින් ඔහු ලෝකය ජය ගත් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]