දකුණු අප්‍රිකාවේ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා රටට අහිමි වුණා – ජනපති ජේකොබ් සූමා

දකුණු අප්‍රිකාවේ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා රටට අහිමි වුණා – ජනපති ජේකොබ් සූමා

දකුණු අප්‍රිකාවේ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා රටට අහිමි වුණා – ජනපති ජේකොබ් සූමා

කර්තෘ Kumudu Jayawardana

06 Dec, 2013 | 12:45 pm

දකුණු අප්‍රිකානු ජාතියට බිහි වූ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා රටට අහිමි වූ බව එරට ජනාධිපති ජේකොබ් සූමා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය පිළිබඳව අදහස් දක්වමිනි.

ජාතිය අමතමින් ජනාධිපති ජේකොබ් සූමා සඳහන් කළේ, දකුණු අප්‍රිකානු වැසියන්ට සිය පියාණන් අහිමි වූ බව ය.

මැන්ඩෙලා දකුණු අප්‍රිකාවට කළ අසහාය මෙහෙවර හේතුවෙන් රටේ සියලු ජනතාව ඔහුට ආදරය කරන බව ත්, ඔහු වෙනුවෙන් යාඥා කරන බව ත් ජේකොබ් සූමා පැවසීය.

ඔහු අවධාරණය කළේ, දකුණු අප්‍රිකානුවන්ට නිදහස ලබා දීම සඳහා නෙල්සන් මැන්ඩෙලා කළ කැපකිරීම්වලට සමස්ත ජාතිය ම ණයගැති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]