රට රැකියාවට යන කෝඩුකාරයින්ට සහනයක්

රට රැකියාවට යන කෝඩුකාරයින්ට සහනයක්

රට රැකියාවට යන කෝඩුකාරයින්ට සහනයක්

කර්තෘ Chathuranga Rajapaksha

05 Dec, 2013 | 6:14 pm

විදේශ රැකියා සඳහා පළමුවරට විදේශගතවන පුද්ගලයින් මෙතෙක් ගුවන්තොටුපළේදී කළ යුතු ලියාපදිංචි ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය ජනවාරි 01 වන දා සිට අත්හිටුවා තිබේ.

විෂය භාර අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ එම ගාස්තු විදේශ සේවා නියුත්ති කාර්යාංශයේ ඕනෑම මධ්‍යස්ථානයක දී ගෙවීමේ පහසුකම් සලසා දෙන බව ය.

මේ වසරේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති සාකච්ජාවක් අද කොළඹ දී පැවැත්විය.

එහිදී අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, වසරකට ශ්‍රී ලාංකිකයින් දෙලක්ෂ පනස්දහසක පමණ පිරිසක්  විදේශ රැකියා සඳහා පිටත්ව යන බව ය‍‍.

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා ‍මහතා

[quote]ජනවාරී 01 වෙනිදා ඉදලා  පළවෙනි වතාවට පිටරට යන අයට එයා‍පොට් එකේ ලියාපදිංචි වීම නවත්තනවා. මොකද අපි දැක්කා එයා පොට් එකට ගියාම පිටරට යන අපේ සහෝදර සහෝදරියන්ට මානසිකත්වය සම්පුර්ණයෙන් කඩා වැටෙනවා. අර පොලීමේ ඉදලා මේක ගෙවන්න ගියාම.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]