ජොර්ජ් බේලි මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනී

ජොර්ජ් බේලි මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනී

ජොර්ජ් බේලි මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනී

කර්තෘ Chathuranga Rajapaksha

05 Dec, 2013 | 4:35 pm

ඔස්ට්‍රේලියා – එංගලන්ත අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය අදයි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට, පන්දුවාර 91 ක් අවසානයේ කඩුලු  5 ක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 273 කි.

ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්, ඕවල් පිටියේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කරමින් ක්‍රිස් රොජර්ස් හා ඩේවිඩ් වොනර් පිටියට පිවිසියේ ය.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස වොනර් ලකුණු 29 ට දැවී ගියේය.

ක්‍රිස් රොජස් ලකුණු 72 ක් ලබා ගත්තේය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය.

සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ජොර්ජ් බේලි ලකුණු 53 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ස්ටුවට් බ්‍රොඩ් ලකුණු 63 ට කඩුලු 2 ක් දවා ගත්තේය.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 381 කින් ජය ගත්තේය.