ගෑස් මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරේ

ගෑස් මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරේ

කර්තෘ Kumudu Jayawardana

05 Dec, 2013 | 11:27 am

ගෑස් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ගෑස් සමාගම් කළ ඉල්ලීම පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රතික්ෂේප කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් දෙකක් ඉල්ලා තිබූ බව ය.

එහෙත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පහළ ගොස් ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඒ අනුව, මිල ඉහළ දැමීමට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]