එක්සත් ජාතීන්ගේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සම්මාන උළෙලේ රිදී පදක්කම නිව්ස්ෆස්ට් දිනා ගනී

එක්සත් ජාතීන්ගේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සම්මාන උළෙලේ රිදී පදක්කම නිව්ස්ෆස්ට් දිනා ගනී

කර්තෘ Kumudu Jayawardana

05 Dec, 2013 | 10:24 am

නිව්ස්ෆස්ට් හි ෂමීර් රසූල්ඩීන් හා සුල්ෆික් ෆර්සාන් නිෂ්පාදනය කළ වාර්තා වැඩසටහන් මාලාවකට එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමයේ රිදී පදක්කම හිමිව තිබේ.

එම පදක්කම මේ මස අගදී ඔවුන්ට හිමිවනු ඇති.

එම වාර්තා වැඩසටහන් මාලාව ජල සහයෝගීතාව සඳහා වන අන්තර්ජාතික වසර තේමා කර ගනිමින් නිෂ්පාදනය කර තිබුණි.

ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් එම වාර්තා වැඩසටහන් මාලාව මෙම වසරේ මාර්තු 19 වන දා සිට 22 වන දා දක්වා නිව්ස්ෆස්ට් තුළින් විකාශය කෙරිණ.

මේ සඳහා හිමිවූ පදක්කමත් සමඟ මේ වනවිට නිව්ස්ෆස්ට් හිමිකර ගෙන ඇති ජාත්‍යන්තර සම්මාන ගණන 3කි.

news 1st wins us silver awards

2000 වසරේදී එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමය පිරිනැමූ ලෝකඩ පදක්කම නිව්ස්ෆස්ට් හි මිනෙල් ෆර්නෑන්ඩස්ට හිමිවුණේ බිම්බෝම්බ පිළිබඳව ඇය නිෂ්පාදනය කළ වාර්තාවකටයි.

නිව්ස්ෆස්ට් හි ෂමීර් රසූල්ඩීන් 2008 සී.එන්.එන්. ලෝක වාර්තා සම්මාන උළලේදී වසරේ හොඳම විශේෂාංගයට හිමි සම්මානය දිනා ගත්තේය.

මෙවර ඔහු සහ සුල්ෆික් ෆර්සාන් හිමිකරගත් පදක්කමට ජාත්‍යන්තර වශයෙන් ඉතා ඉහළ පිළිගැනීමක් පවතින

අතර , නිව්ස්ෆස්ට් අප මෙතෙක් ලබා ඇති සම්මාන තුළින් පිළිඹිබු වන්නේ අප මාධ්‍යවේදීන් ජාත්‍යන්තර ද ජයගෙන ඇති බව ය.

නිව්ස් ෆස්ට් හි ෂමීර් රසූල්ඩීන් සහ සුල්ෆික් ෆර්සාන් නිෂ්පාදනය කළ වාර්තා වැඩසටහන් මාලාවට මෙවර හිමි රිදී පදක්කම ලබන 18 වැනිදා  එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමයේ සම්මාන රාත්‍රීයේදී පිරි නැමීමට නියමිතව තිබේ.

එම සම්මාන රාත්‍රිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් , රංගන ශිල්පී මයිකල් ඩග්ලස් සහ ප්‍රවීන සංගීතඥ ස්ටීව් වොන්ඩර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.