ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් 86 වැනි ජන්ම දිනය සමරයි

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් 86 වැනි ජන්ම දිනය සමරයි

කර්තෘ Chathuranga Rajapaksha

05 Dec, 2013 | 10:04 pm

දේශයේ උත්තරීතර ගායකයා ලෙස ජාතියේ ප්‍රණාමය ලබන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් අද 86 වැනි ජන්ම දිනය සැමරුවේය.

1927 අද වැනි දිනෙක මොරටුවේදී උපන් ඔහු පසු කලෙක ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රය බැබලවූ අමර ස්වරය ලෙස ජනාදරයට පත්විය.

ඉන්දියාවේ ලක්නව් හි භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ආලෝකය ලැබු අමරදේවයන් මෙරට ගීත කලාවේ සුවිශේෂී සලකුණකි.

ගායකයෙකු,  සංගීතවේදියෙකු, පර්යේෂකයෙකු හා නව නිර්මාණ හඳුන්වා දුන් අපූර්ව කලාකරුවෙකු ලෙස ඔහු දේශයට මාහැඟි මෙහෙවරක් ඉටු කළේය.

එය දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර වුයේ මැග්සෙයිසේ ඇතුළු සම්මාන බහුමාන අභිනන්දන රැසක් හිමි කරමිනි.

ශ්‍රී ලංකාව, දේශයේ උත්තරීතර ගායකයා ලෙස උපහාර දක්වද්දී ඉන්දියාව පද්ම ශ්‍රී සම්මානය පිරිනමමින් අමරදේවයන්ට බුහුමන් පුද කළේය.

මේ අතර ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ උපන් දිනය වෙනුවෙන් නිවසේදි සාදයක් ද පැවැත්විය.

ප්‍රතිභාවෙන් ලොවක් වසග කළ ගාන්ධර්වයාණෙනි,  ඔබට සුබ උපන් දිනයක් වේවා…!