සික්ස් නේෂන්ස් තරගාවලියේදී ශ්‍රී ලංකාව අයර්ලන්තය පරදයි

සික්ස් නේෂන්ස් තරගාවලියේදී ශ්‍රී ලංකාව අයර්ලන්තය පරදයි

සික්ස් නේෂන්ස් තරගාවලියේදී ශ්‍රී ලංකාව අයර්ලන්තය පරදයි

කර්තෘ Sagarika Chathumali

04 Dec, 2013 | 10:10 pm

සික්ස් නේෂන්ස් කුසලාන නෙට්බෝල් තරගාවලියේ අයර්ලන්තය සමග අද පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය.

සිංගප්පූරුවේදී පැවැති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ගෝල 65ට 49ක් ලෙසයි.

නමුත් ඊයේ සිංගප්පූරුව සමග පැවැති තරගය ශ්‍රී ලංකාව ගෝල 60ට 43ක් ලෙස පරාජය විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පැපුවා නිව්ගිනියාව සමග පැවැති තරගය ද පරාජය වූ නමුත් අමෙරිකාවට එරෙහිව පැවැති තරගය ජය ගත්තේ ය.

ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.