මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
වැලිසර ගබඩාවකින් කල් ඉකුත් වූ චීස් සොයා ගනී

වැලිසර ගබඩාවකින් කල් ඉකුත් වූ චීස් සොයා ගනී

වැලිසර ගබඩාවකින් කල් ඉකුත් වූ චීස් සොයා ගනී

කර්තෘ Sagarika Chathumali

04 Dec, 2013 | 10:29 pm

වැලිසර පිහිටි කිරිපිටි සමාගමක ගබඩාවක් වැටලූ පාරි‍භෝගික අධිකාරිය එහි තිබූ කිරිපිටි හා කල් ඉකුත් වූ චීස් තොගයක් සිය භාරයට ගෙන තිබේ.

ලද පැමිණිල්ලකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කළ මෙම වැටලීමේදී සොයා‍ගෙන ඇති කිරිපිටි ප්‍රමාණය කිලෝග්‍රෑම් 12,000කි.

කිරිපිටි හිඟයක් තිබියදී මේවා වෙළෙඳපොළට නිකුත් නොකර සඟවා තබාගෙන ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

පරිභෝජනයට නුසුදුසු චීස් ඇසුරුම් 2880 ක් ද මෙහිදී සොයා ගෙන ඇති අතර ඒවායේ නිෂ්පාදිත දිනය වෙනස්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බව අනාවරණවී ඇතැයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]