යුක්රේනයේ උද්ඝෝෂණ මධ්‍යයේ වැඩවර්ජනයක්

යුක්රේනයේ උද්ඝෝෂණ මධ්‍යයේ වැඩවර්ජනයක්

යුක්රේනයේ උද්ඝෝෂණ මධ්‍යයේ වැඩවර්ජනයක්

කර්තෘ Chathuranga Rajapaksha

04 Dec, 2013 | 7:46 am

යුක්රේන විපක්ෂ නායක ‍බොක්සර් විටාලි ක්ලිට්ස්ච්කෝ ජාතික මට්ටමේ වැඩවර්ජනයක් කැඳවා තිබේ.

ජනාධිපති වික්ටර් යනුකොවිච්ට ධුරයෙන් ඉවත් වන ලෙස බලකිරීම එහි අරමුණ වේ.

යුරෝපා සංගමය සමග ඇතිකර ගැනීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ වෙළෙඳ ගිවිසුමක් අහෝසි කිරීම හේතුවෙන් යුක්රේනයේ ජනතාව වීථි බැස රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වල නිරතව සිටිති.

විදෙස් වාර්තා පැවසුවේ එම උද්ඝෝෂණ අතරතුර යුක්රේන විපක්ෂ නායකවරයා ජාතික මට්ටමේ වැඩවර්ජනයක් කැඳවා ඇති බව ය.

මේ වනවිට තුන් ලක්ෂ පනස් දහසක පමණ උද්ඝෝෂකයින් පිරිසක් යුක්රේනයේ ප්‍රධාන නගර ඔස්සේ විරෝධතා පවත්වන බව විදෙස් වාර්තා පවසයි.

යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් එම විරෝධතා නොසළකා ඊයේ චීනයේ සංචාරයක් සඳහා පිටත්ව යාම එරට උද්ඝෝෂණ උත්සන්න වීමට බලපා ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]