මැන්ඩෙලා ජීවිතය ත් මරණය ත් අතර සටනක

මැන්ඩෙලා ජීවිතය ත් මරණය ත් අතර සටනක

මැන්ඩෙලා ජීවිතය ත් මරණය ත් අතර සටනක

කර්තෘ Sagarika Chathumali

04 Dec, 2013 | 5:54 pm

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ජීවිතය ත් මරණය ත් අතර සටනක නිරත ව සිටින බව ඔහුගේ දියණිය පවසන්නී ය.

මකාස්වි මැන්ඩෙලා මාධ්‍යට පවසා ඇත්තේ, ජීවිතය ත් මරණය ත් සටනක යෙදෙන තම පියාගේ ජීවිතයෙන් තමන් ඉවසීම, ආදරය පිළිබඳ බොහෝ දේ ඉගන ගනිමින් සිටින බව ය.

තව ද ජීවිතය ත් මරණය ත් අතර සටනක නිරත වුව ද සිය පියාගේ ශක්තිය හෝ ධෛර්ය කිසි ලෙසකින් හීන වී නොමැති බව ඇය වැඩි දුරට ත් පවසා ඇත.

පෙනහළු ආසාදනයකින් පීඩා විදින මැන්ඩෙලා පසුගිය සැප්තැම්බර් මාසයේදී රෝහලෙන් පිට ව ගියේ ය.

95 වන වියේ පසු වන මැන්ඩෙලා නිවසේ සිට ප්‍රතිකාර ලබයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]