මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
උතුරු කොරියානු නායකයා සිය මාමා ගෙදර යවයි

උතුරු කොරියානු නායකයා සිය මාමා ගෙදර යවයි

උතුරු කොරියානු නායකයා සිය මාමා ගෙදර යවයි

කර්තෘ Kumudu Jayawardana

03 Dec, 2013 | 3:25 pm

උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ සමීපතම ඥාතියෙකු එරට ආරක්ෂක හමුදා උප සභාපති ධුරයෙන් ඉවත් කර තිබේ.

ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, චෑං සොං ටයෙක් නමැති ඔහු කිම් ජොං උන්ගේ පියා වන කිම්  ජොං ඉල්ගේ සොහොයුරියගේ සැමියා බව ය.

ඔහු කිම්  ජොං ඉල්ගෙන් පසුව උතුරු කොරියාවේ නායකත්වයට කිම් ජොං උන් පත් කිරීම සඳහා කැපවුණු අයෙකි.

මූල්‍ය වංචා සහ දූෂණ චෝදනා මත ඔහු ධුරයෙන් පහ කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර ඔහුගේ යටතේ සේවය කළ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ද එම චෝදනා මත ඉවත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]