ආයෝජනවලට එරෙහි ව බලවේගයක් ක්‍රියාත්මක වෙනවා- ලක්ෂමන් යාපා

ආයෝජනවලට එරෙහි ව බලවේගයක් ක්‍රියාත්මක වෙනවා- ලක්ෂමන් යාපා

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2013 | 9:39 pm

රටට එන ආයෝන වැළැක්වීමේ බලවේගයක් ක්‍රියාත්මක බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

[quote]මේ රටට ආයෝජන ලබාගැනීමේදී  ඒකට විරුද්ධ බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. මොක ද? මේ රටට ආයොජන ගේන එක වැළැක්කුවොත් විතරයි මේ රටේ ආර්ථීකය කැඩුවොත් විතරයි ‍ මේ ආණ්ඩුව වට්ටන්න පුලුවන් ආර්ථිකයෙන් විතරයි මේ ආණ්ඩුව වට්ටන්න පුලුවන්[/quote]

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දා  ‍මතු වූ විරෝධතා ‍හේතුවෙන් මේ වසරේ ලැබීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 350 ක ආයෝජන ප්‍රමාද වී ඇති බව ය.

[quote]]8% ක ආර්ථික වර්ධනයක් මේ රටේ ගෙනියන්න නම්  ඇමරිකන් බිලියන 3 ක් අපි අවම වශයෙන් අවුරුද්දකට සෘජු විදේශ ආයෝජන ගෙන්න ඔනේ. දැන් අපි ගිය අවුරුද්දේ ගෙනාවේ සියයට 1.2යි[/quote

මේ වසරේ  ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කිරීම වෙනුවෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී  අමාත්‍යවරයා පැවසුවේ මේ වසරේ මුල් කාර්තු 3 අවසන් වන විට පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව සෘජු විදේශ ආයෝජන 41% කින් ඉහළ ගොස් ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]