අගමැතිනිය ගෙදර යවන බව උද්ඝෝෂකයෝ අවධාරණය කරති

අගමැතිනිය ගෙදර යවන බව උද්ඝෝෂකයෝ අවධාරණය කරති

අගමැතිනිය ගෙදර යවන බව උද්ඝෝෂකයෝ අවධාරණය කරති

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2013 | 10:35 pm

අගමැතිනි යින්ලක් ෂිනවත්ට එරෙහි විරෝධතා අවසන් නොකරන බව තායිලන්ත උද්ඝෝෂකයෝ අවධාරණය කරති.

ඔවුන් පවසන්නේ, අග්‍රාමාත්‍යවරිය ඉවත් වන තුරු තම අරගලය අවසන් නොවන බව ය.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය අසල මාර්ග බාධක ඉවත් කිරීමට තායිලන්ත පොලීසිය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් අගමැතිනි යින්ලක් ෂිනවත්‍ පවසන්නේ, මහජන විරෝධතා හමුවේ තමන් කිසි විටෙක ත් ධුරයෙන් ඉවත් නොවන බව ය.

ඇය වැඩි දුරට ත් පවසන්නේ, ගැටලු සාමකාමී ව විසදා ගැනීම වෙනුවෙන් සියලු දොරටු විවරව තිබියදී මහජනතාවගේ මෙම හැසිරීම අතිශය පිළිකුල් සහගත බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]