මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි

ධුරයෙන් ඉවත් නොවන බව තායිලන්ත අගමැතිනිය කියයි (වීඩියෝ)

ධුරයෙන් ඉවත් නොවන බව තායිලන්ත අගමැතිනිය කියයි (වීඩියෝ)

කර්තෘ Kumudu Jayawardana

02 Dec, 2013 | 12:38 pm

තායිලන්ත අග්‍රාමාත්‍යවරිය දින දෙකක් ඇතුළත එම ධුරයෙන් ඉවත් විය යුතු බවට එරට විරෝධතාකරුවන් කළ දැනුම් දීම ප්‍රතික්ෂේප කරන බව  යින්ග්ලක් ෂිනවත් පවසා තිබේ.

ඇය සඳහන් කර ඇත්තේ, එය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ය.

එරට විපක්ෂ ක්‍රියාකාරීන් අග්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත් සමග සාකච්ඡා කර ඇති අතර එහිදී ඔවුන් ඇයට දන්වා ඇත්තේ, දින 2ක් තුළ ධුරයෙන් ඉවත් වන ලෙසට ය.

එසේ ඉවත් වී තායිලන්තයේ පාලනය ජනතාව අතට භාර දෙන ලෙස ඔවුන් දන්වා ඇත.

ආණ්ඩු විරෝධී කැරලිකරුවන් මේ වන විට තායිලන්තය පුරා වැඩ වර්ජනයක් ද කැඳවා ඇතැයි ඒජන්සි වාර්තාවල සඳහන් වේ.

මේ අතර, ඊයේ දිනයේ පැවති උද්ඝෝෂණ සහ වි‍රෝධතාවලට රජය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]