ජ’පුර සරසවි සිසු ඝාතනයේ විත්තිකරුවන් 11ක් නිදහස්

ජ’පුර සරසවි සිසු ඝාතනයේ විත්තිකරුවන් 11ක් නිදහස්

ජ’පුර සරසවි සිසු ඝාතනයේ විත්තිකරුවන් 11ක් නිදහස්

කර්තෘ Kumudu Jayawardana

02 Dec, 2013 | 5:02 pm

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු වූ ඕවිටිගල විතානගේ සමන්ත නමැත්තා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් 22 දෙනාගෙන් 11 දෙනෙකු අද නිදොස් කොට නිදහස් කෙරිණි.

පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතීඥ තුසිත් මුදලිගේ මහතා පැවසුවේ, එම සිසුන් 11 දෙනාට මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බව ය.

ඒ අනුව, එම සිසුන් 11 දෙනා නිදහස් කළ කොළඹ මහාධිකරණය සෙසු විත්තිකරුවන් 11 දෙනාට එරෙහි නඩුව විභාග කිරීම අද ආරම්භ කළේ ය.

2002 වසරේ නොවැම්බර් 07 වන දින එම ඝාතනය සිදුව තිබිණි.