English
தமிழ்
කර්තෘ Kumudu Jayawardana
02 Dec, 2013 | 2:32 pm
[quote]අදාළ සභාපතිවරයා තනි මතයට කටයුතු කර ඇති අතර රජයේ මුදල් විගණනය කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලීමක් කළ නිසා එය ප්‍රතික්ෂේප කරමින් ඔලිම්පික් කමිටුව හමුවට ගොස් ඇති බව ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.[/quote]
ක්‍රීඩා පනතට විරුද්ධව ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිලි කළ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වීය.
ඔහු එහිදී ප්‍රකාශ කළේ, ක්‍රීඩා සංගම්වලට විරුද්ධව පැමිණිලි ආ නිසා එවකට සිටි අමාත්‍ය කේ.බී. රත්නායක මහතා විසින් මෙම පනත ගෙන එන ලද බව ය.
ක්‍රීඩා සංගම් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ මෙහි උපදෙස් දී ඇති අතර එය තමාගේ කාලයේදී සංශෝධනය කළ බව ත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එය අගය කළ බව ත් අමාත්‍යවරයා පැවසීය.
[quote]’මෙය පාර්ලිමේන්තුව සම්මත කළ පනතක්. එය සංශෝධනය කරන්නේ නැති නම් මෙරට ඔලිම්පික් කමිටුව තහනම් කළ හැකි යි. රෙගුලාසි සංශෝධනයට අප සූදානම්. එය පාර්ලිමේන්තුවට ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි. එයට ගත යුතු උපරිම පියවර ගන්නවා’ අමාත්‍යවරයා සඳහන් කළේ ය.[/quote]
පොදුවේ ක්‍රීඩාවට හොඳ දේ කරන්න ගිය නිසා ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවට ගිය බව ත් අවුරුදු 16ක් වැඩ කළ හිටපු සභාපතිවරයා ඒ දේ සිදු කළ ද ක්‍රීඩා සංගම් 20 කැඳවා ඔලිම්පික් කමිටුවට පැමිණිලි කළා ද යන්න අමාත්‍යවරයා විමසීය.
අදාළ සභාපතිවරයා තනි මතයට කටයුතු කර ඇති අතර රජයේ මුදල් විගණනය කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලීමක් කළ නිසා එය ප්‍රතික්ෂේප කරමින් ඔලිම්පික් කමිටුව හමුවට ගොස් ඇති බව ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
14 Feb, 2019 | 07:39 AM
07 Feb, 2019 | 05:58 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS