වාරිමාර්ග ජලාශවල ජල මට්ටම පහළට

වාරිමාර්ග ජලාශවල ජල මට්ටම පහළට

කර්තෘ Sagarika Chathumali

01 Dec, 2013 | 9:14 pm

උතුරු මැද පළාත ඇතුළු කෘෂි කාර්මික ප්‍රදේශවලට වර්ෂාව නිසි ලෙස නොලැබීම හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මහ කන්නය සඳහා ජල සැපයුම සීමා කිරීමට සිදු ව තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය පැවසුවේ දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම මේ වන විට පහළ අගයක පවතින බව ය.

අනුරාධපුරය, පොළොන්නරුව සහ අම්පාර ඇතුළු බොහෝ දිස්ත්‍රික්කවල මේ වන විට මහ කන්නයේ වගා කිරීම ආරම්භ කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවලින් පෝෂණය වන ගොවීන් මේ වන විට අපහසුතාවට පත් ව සිටින්නේ එම ජලාශවල ජල මට්ටම පහළ යාම හේතුවෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය පැවසුවේ, දෙපාර්තමේන්තුවට යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම මේ වනවිට 35% ත් 40% ත් අතර අඩු අගයක පවතින බව ය.

ජලාශවල රොන් මඩ පිරීම සහ නිසි කළමනාකරණයක් නොමැති වීම මෙම ගැටලුවට හේතු වී ඇති බව ගොවීහු පෙන්වා දෙති.

ග්‍රාමීය කෘෂි කර්මාන්තය නැංවීම සඳහා, මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු වුව ද මෙම තත්ත්වය හමුවේ ඊට බාධා පැමිණිය හැකි බව ගොවීහු පෙන්වා දෙති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]