මාධ්‍ය නිදහස

මාධ්‍ය නිදහස

කර්තෘ Sagarika Chathumali

01 Dec, 2013 | 10:36 pm

ලොව පුරා රටවල මුලික නීතියේ මාධ්‍ය නිදහසට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා තිබේ.

ඒ අනුව සිව් වැනි ආණ්ඩුව ලෙස ජනමාධ්‍ය වග විය යුත්තේ රටක පුරවැසියන්ට පමණි.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකුගේ අක්‍රමිකතාවක් පිළිබඳව කළ මාධ්‍ය හෙළි කිරීම ලෝක ජනමාධ්‍ය වාර්තාකරණයේ සුවිශේෂි සිදුවීමකි.

වෝටර් ගේට් සිද්ධිය ලෙස හඳුන්වන එම වාර්තාකරණය හේතුවෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රිචඩ් නික්සන්ට තනතුර පවා අහිමි විය.

එම වාර්තාකරණයේ සිට මෑත ඉතිහාසයේ ආණ්ඩු දෙදරීමට හා භීතියට පත්කිරීමට සමත් වූ ජනමාධ්‍ය අනාවරණ ලොව බොහෝ රටවල සුලභව දැකගත හැකියි.

පාලකයින් හා බලවත් පුද්ගලයින්  කරන වැරදි ක්‍රියා පොදු ජනතාවට හෙළි කිරීමට ජනමාධ්‍ය හෙවත් සිව්වැනි ආණ්ඩුවට දැවැන්ත වගකීමක් පැවරී ඇත.

ලොව පුරා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සඳහා වේදිකාවක් සකසමින් ඔවුන්ගේ පණිවුඩය ජනතාවට රැගෙන යාමට ත් ඔවුන් ආරක්ෂා කිරීමට ත් කිසියම් රටකට මාධ්‍ය නිදහස අත්‍යවශ්‍ය සාධකයකි.

ශ්‍රී ලංකාව තුළ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පළි ගැනීම්වලට ලක් වී ඇති අවස්ථා සුලභ ය.

ඝාතන, පැහැර ගැනීම්, බියවැද්දිම්, තර්ජන වැනි ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම එළිපිට උල්ලංඝනය කළ සිදුවීම් හේතුවෙන් මෙරට බොහෝ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් රට හැර ගොස් ඇති අතර තව ත් බොහෝ දෙනෙකු සිටින්නේ නිහඬව යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]